spot_img
spot_imgspot_img

හයිලන්ඩ් සමාගම, නීතියෙන් රිංගා පාරිභෝගිකයා නොමඟ යවයි

පුවත්

විදෙස්

රජය විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් වන හයිලන්ඩ් සමාගම යෝගට් කෝප්පයෙන් ලාභ ඉපයීම සඳහා ජනතාව නොමඟ යවා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඔවුන් මේ සඳහා ජනතාව නොමඟ යවමින් පාරිභෝගික නීතියෙන් රිංගා ඇති බව පාරිභෝගික ජනතාවගේ අදහස වී ඇත.

මීට ඉහත දී හයිලන්ඩ් යෝගට් කෝප්පයකට අඩංගු යෝගට්වල බර සටහන් වූයේ ග්‍රෑම් 90ක් ලෙසිනි. මේ වනවිට යෝගට් කෝප්පයේ ප්‍රමාණය කුඩා නොකර එහි  පතුල වඩාත් උස්ව සිටින සේ සකසා ග්‍රෑම් 10ක් අඩුකර ඇත. ඒ අනුව දැන් හයිලන්ඩ් යෝගට් කෝප්පයක අඩංගු වන්නේ යෝගට් ග්‍රෑම් 80ක් පමණි.

යෝගට් කෝප්පයේ ප්‍රමාණය අඩු නොකර පතුල උස්ව සකසා පාරිභෝගිකයාට ඇස් බැන්දුමක් කරන හයිලන්ඩ් සමාගම පාරිභෝගික නීතියෙන් බේරීම සඳහා බර නිශ්චිතව සඳහන් කර තිබේ. නමුත් පාරිභෝගිකයන් මෙම යෝගට් කෝප්ප මිල දී ගන්නේ බර කොපමණදැයි සොයා ‍බලා නොවේ. මෙම ඇස්බැන්දුමෙන් රාජ්‍ය ආයතනයක් වන හයිලන්ඩ් ආයතනය පාරිභෝගිකයන් නොමග යවා අමතර ආදායමක් ලබන බව පා‍රිභෝගිකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට එම ආයතනයට අපි ඇමතුම් ගත්ත ද පොහොය දිනයේ කාර්යාල වසා ඇති බැවින් වගකිව යුතු කිසිවකු නැතැයි ඇමතුම්වලට පිළිතුරු දුන් අය කීවේය. එබැවින් මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සමාගමේ පැහැදිළි කිරීම මේ හා සමාන ඉඩක් ලබා දෙමින් ඉදිරියේ දී පළකිරීමට අ‍පි බැඳී සිටින බව ද සඳහන් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!