spot_img
spot_imgspot_img

ChatGPT භාවිතය තහනම් කරයි

පුවත්

විදෙස්

ලෝකය පුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කරන යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කිරීමට ඉතාලි රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ChatGPT ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ OpenAI නමැති ආයතනය විසිනි. ඔවුන් මයික්‍රෝසොෆ්ට් සමඟ එක්ව මෙම වැඩසටහන් සිදුකරයි.

ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දී ඇත්තේ මෙම ChatGPT සේවාව භාවිතයේ දී පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇති බවයි. එබැවින් එම සේවාව පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගන්නා බවත් ඉතාලිය පවසයි.

මේ අතර ලෝකයේ තාක්ෂණික ප්‍රලයන් රැසක් Artificial Intelligence (AI) සංවර්ධනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් Artificial Intelligence (AI) විසින් ක්ෂේත්‍ර ගණනාවක් දැඩිව ආක්‍රමණය කරමින් සිටින බව ඔවුන් නගන චෝදනාවයි. එය ඉතාමත් භයානක සහ සදාචාර විරෝධී බවත් මිනිසාගේ කටයුතුවලට පහසුවක් සේ පෙණුන ද එමගින් දැඩි හානියක් සිදුවන බවත් විද්වතුන් පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මනුෂ්‍ය වර්ගයාට දැඩි අවදානමක් ඇතිවන තරමට Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධිය මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින බවයි. එබැවින් ඒ සම්බන්ධ නිර්ණායක සහ සීමාවන පනවන තුරු අවම වශයෙන් මාස 06ක කාලයක් සඳහා හෝ Artificial Intelligence (AI) ව්‍යාපෘති සංවර්ධනය තාවකාලිකව නවතා දැමිය යුතුයැයි විශ්වවිද්‍යාල ආචාර්යවරු, තාක්ෂණික ප්‍රධානීන්, දේශපාලන නායකයන් ඇතුළු පිරිිසක් පවසති.

මේ සම්බන්ධයෙන්, Chat GPT- 4 ට වඩා බලවත් AI පද්ධති වැඩිදියුණු කිරීම අවම වශයෙන් මාස 6ක් සඳහා වහාම නවත්වන ලෙස එම සමාගමෙන් ද ඉල්ලීමක් කර ඇත.

The Future Of Life නමැති ලාභ නොලබන සංවිධානයක් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිනෙන් දින වර්ධනය වන කෘතිම බුද්ධියේ ඇති භායනක තත්වය ලෝක‍යේ ජනතාව මෙතෙක් නොදන්නා බවයි.  

ChatGPT AI බොට් සංවර්ධන කරන OpenAI නම් ඇමරිකානු කෘතිම බුද්ධි පර්යේෂණාගාරය වෙත මුදල් ආයෝජනය කර ඇති මයික්‍රොසොෆ්ට් සමාගම ChatGPT ඔවුන්ගේ Bing සහ Edge අන්තර්ජාල බ්‍රව්සර් සමඟ ඒකාබද්ධ කිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව දැඩි තරඟයකට මුහුණ දීමට සිදුවන Google සමාගම පවසන්නේ තම සෙවුම් යන්ත්‍රයට  Bard AI නමැති යෙදුම එ්කාබද්ධ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!