spot_img
spot_imgspot_img

සිසුන්ට මරු කැඳවූ, බිග් මැච් රථ පෙළපාලිය ගැන විදුහල්පති කියන කතාව

පුවත්

විදෙස්

බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය සහ ඌව විදුහල අතර ක්‍රිකට් තරඟයට සමගාමීව පැවැත්වූ බව කියන රථ පෙළපාලිය තම විද්‍යාලයෙන් සංවිධානය කරනු ලැබූවක් නොවේ යැයි බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.සෙනරත් බණ්ඩාර පවසයි.

ඊයේ (01) බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් සංවිධානය කර තිබූ රථ පෙළපාලිය අතරතුර කැබ් රථයක් පෙරැළී යාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තිබිණි.

විදුහල්පතිවරයා පවසන්නේ එවැනි රථ පෙළපාලියක් තම විද්‍යාලය මගින් සංවිධානය නොකළ බවයි. එම අනතුරට මුල්වූ රථ පෙළපාලිය සංවිධානය වන බවට ලැබුණු තොරතුරකට අනුව තමන් එය නවත්වන ලෙස පොලිසියට දැනුම් දීමක් ද කර තිබූ බවයි. නමුත් කිසියම් කණ්ඩායමක් මෙය සංවිධානය කර තිබූ බවත් පොලිසිය ප්‍රධාන මාර්ගවල රථ පෙළපාලියට ගමන් කිරීමට ඉඩ නොදීම හේතුවෙන් කැබ් රථයක නැගුණු සිසුන් 15 දෙනකු බදුල්ලේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා ඉදිකළ භූමියකට පැමිණ වාහනය ඒ මේ අත ධාවනය කරමින් විනෝද වෙමින් සිටිය දී එම රථය පෙරැළී ගොස් තිබිණි.

රථය පෙරැළී යන ආකාරය ද ජංගම දුරකථනයක සටහන්ව තිබී ඇත.

මෙම අනතුරින් ධර්මදූත විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්.රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල් නමැති සිසුන් දෙදෙනා මියගිය අතර තවත් සිසුන් 06 දෙනකු තුවාල ලබා සිටියි.

විදුහල්පතිවරයා පවසන්නේ පාසලෙන් පරිබාහිරව මෙම රථ පෙළපාලිය අවිධිමත් ලෙස සංවිධානය කර තිබූ බවයි. පාසල් ක්‍රිකට් තරඟයේ සංවිධායක මන්ඩලය ද පවසන්නේ මෙවැනි රථ පෙළපාලියක් නොපැවැත්වීමට තම විද්‍යාලයන් දෙකේම සංවිධායක කමිටු එකඟතාවකට එළැඹ සිටි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!