spot_img
spot_imgspot_img

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඉස්සරහට දමා විශ්වවිද්‍යාල ආචාර්යවරු බදු සහන ඉල්ලයි

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීමට රජය වගකිව යුතු බවත්, අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්ව ඇති තම සාමාජිකයන්ට සහනයක් ලබාදීමට ආණ්ඩුව සූදානම් නැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසන්නේ රජය තම ගැටලුවලට විසඳුමක් ලබාදීමට කටයුතු කළහොත් ඉදිරියට එන නිවාඩු දින පවා නොතකා උත්තර පත්‍ර බැලීමට සූදානම් බවයි. නමුත් තම සාමාජිකයන්ට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණ බදු හේතුවෙන් සහනයක් ලබාදිය යුතු බව ද ඔහු පවසයි.

උපයන විට බද්ධ 2019 වර්ෂය දක්වාම පැවතිණි. දැනට ඇති බදු ප්‍රමාණය සහ එවකට තිබූ බදු ප්‍රමාණයේ වෙනසක් නැත. නමුත් 2019 දී ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් බදු අහෝසි කරන ලදී. ඉන් පසු නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමේ පසු පෙර පරිදිම බදු අය කිරීම ආරම්භ කළේය. (බදු සම්බන්ධ විස්තර සහිත ලිපිය)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මුලින් කියා සිටියේ උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සඳහා තමන්ට ලැබෙන දීමනාාව ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් එම දීමනා වැඩි කර ඔවුන්ට පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. (එම පුවත මෙතැනින්)

මේ වනවිට ඔවුන් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර බැලීම ප්‍රතික්ෂේප කරමින්, බදු සහන ඉල්ලා සිටියි. උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු නිසිපරිදි සිදු වන්නේ නැතිනම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු විභාග ප්‍රමාද වීම සිදුවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!