spot_img
spot_imgspot_img

බේරුවල භූමිකම්පාව ගැන පැහැදිළි කිරීමක්

පුවත්

විදෙස්

බේරුවල ආසන්න මුහුදේ ගොඩබිම සිට කිලෝ මීටර 24ක් පමණ දුරින් අද (30) දහවල් වාර්තා වූ භූමිකම්පාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

අද දහවල් 1.02 මෙම සුළු භූමිකම්පාව සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ සටහන්ව ඇත්තේ 3.7ක් ලෙසින් බව ද ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන පවසයි. එම කම්පනය බේරුවල, කළුතර, මග්ගොන, බෙන්තොට සහ පිළියන්දල ප්‍රදේශවලට දැනී ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශය සතුව ඇති භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04හි ම එම කම්පනය සටහන් ව තිබිණි.

නිල්මිණි තල්දෙන පවසන්නේ මෙවැනි භූමිකම්පා දිනපතා ලෝකයේ සිදුවන බවයි. ශ්‍රී ලංකාවේ ද වරින් වර එවැනි කම්පන වාර්තාවන බවත් ‍ඇය පවසන්නීය.

සුනාමි තත්වයක් ඇතිවීමට නම් රිච්ටර් මාපකයේ ඒකක 7.0කට ආසන්න හෝ ඊට වැඩි කම්පනයක් මුහුදු පත්ලේ අඩු ගැඹුරකින් සිරස් අතට සිදුවිය යුතු බවත් ඇය පවසයි. මෙවැනි සුළු භූමිකම්පාවකින් එවැනි අවදානමක් නොමැති බව ද ඇය පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ට භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන පවසන්නේ මෙම කම්පන ගැන අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතත් භූමිකම්පා ගැන අදානයෙන් සහ අවබෝධයෙන් සිටිය යුතු බවයි. එවැනි කම්පනයක් දැනුනහොත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය දැනුම්වත් කරන ලෙස ද ඇය ඉල්ලා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!