spot_img
spot_imgspot_img

“ශබ්ද දූෂණය එපා”, ශබ්ද දූෂණයෙන්ම හාමුදුරුවරු ඉල්ලති

පුවත්

විදෙස්

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාන පථයේ අධික ශබ්දය කරදරයක් යැයි කියමින් මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍ර‍දේශවාසී ජනතාව අද මීරිගම කොටදෙණියාව මාර්ගයේ උද්ඝෝෂණයක නිරතවිය.

හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමි සහ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩගස්ගිරියේ සමිත හිමි මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.

කොටදෙණියාව මාර්ගයේ සිට අදාළ ධාන පථයට රථවාහන ඇතුළුවන මාර්ගය අවහිර කරමින් මොවුන් උද්ඝෝෂණයේ යෙදිණි. මෙම ධාවන පථයේ රථ වාහන වේගයෙන් ධාවනය කරන විට ඉන් නිකුත්වන අධික ශබ්දය අධ්‍යාපනය ලබන දරුවන්ට, රෝගීන්ට, වැඩිහිටියන්ට ඇතුළු ගම්වාසීන්ට පීඩාකාරී බව උද්‍ඝෝෂකයෝ කීහ. ඔවුන් පවසන්නේ වසර 7-8ක් පමණ කාලයක් මෙම පීඩාව විඳින්නට සිදුව ඇති බවයි.

තමන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ද නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් ඊට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද උද්ඝෝෂකයෝ කීහ.

මෙම උද්ඝෝෂණය සඳහා ද නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ශබ්ද දූෂණයක් කරන ආකාරය දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ රථවාහන නීතිය අනුව පොලිසිය හෝ පළාත් පාලන ආයතන හැර වෙනත් කිසිම පුද්ගලයකුට රථවාහනයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට නීතිමය ඉඩක් නැත. ඔවුන් භාවිතා කරන්නේ නම් එය කළ යුතු වන්නේ ද රථය නවතා තබාගෙනය. නමුත් මෙම උද්ඝෝෂණය සඳහා ත්‍රී රෝද රථයක ශබ්ද විකාශන යන්ත්‍ර ගැටගසා ගෙනවිත් තිබිණි. එය සංඥය වරදක් ලෙස සැළකේ.

අධික ශබ්දය ඉතාත් භයානක පාරිසරික දූෂණයක් ලෙස ජාත්‍යන්තරව පිළිගනී. මේ වනවිට ලෝකයේ රටවල් බොහොමයක් ශබ්ද විකාශන මාර්ග‍යෙන් ආගමික ප්‍රචාරයන් පවා නවතා දැමීමට නියෝග කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අධික ශබ්දය නැවැත්වීම සම්බන්ධයෙන් නියෝගයක් 2007 වර්ෂයේ දී ලබා දී ඇත.

පසුගිය දා අරාබි රටවල්වල ද පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර නතර කිරීමට උසාවි න‍ියෝග ලබා දී තිබේ.

නමුත් මෙම අවට ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ම උදේ සහ සවස ආගමික ශබ්ද විකාශන සිදුකරන බව ද වාර්තා වේ.

පොලිසිය කියා සිටියේ මෙම ධාවන පථයේ ශබ්ද උත්පාදනයට ‍එරෙහිව මහජන පීඩාව යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි

ධාවන පථයේ තරඟවලට සහභාගීවන අය දැනට සංවිධානය කර ඇති තරඟය පැවැත්වීමට අවසර දෙන ලෙසත් නැවත එහි තරඟ නොපවත්වන බවත් පොරොන්දු වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!