spot_img
spot_img

රජයේ සේවකයන්ගෙන් 25%කට, රජයේ සේවක වැටුපෙන් 48.8%ක් ගෙවයි

පුවත්

විදෙස්

රජයේ සේවක වැටුප් සඳහා රජය වැයකරන මුදලින් වැඩිම ප්‍රමාණයක් හෙවත් 48.8%ක් ම (භාගයකට ආසන්න ප්‍රමාණයක්) වැය කිරීමට සිදුව ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ, මහාචාර්ය ප්‍රසන්ත පෙරේරා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹයහෙට්ටි යන තිදෙනා විසින් මේ සමීක්ෂණය සිදුකරන ලදී.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට වසරකට රුපියල් කෝටි 69,491ක් වැය කරයි. ඉන් රුපියල් කෝටි 33,940ක් ආරක්ෂක අංශවල වැටුප් ගෙවීම සඳහා වැයකරන බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි.

දැනට රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 04 කට වැඩි ප්‍රමාණයක් 21%ක් පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ කීවේය. මෙම 25%ක පිරිස සඳහා රජයේ සේවකයන්ට ගෙවන වැටුපෙන් 48.8%ක් වැය වෙයි.

මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11,800 කි.

ඊට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5,930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4,274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!