spot_img

කටාර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

පුවත්

විදෙස්

කටාර්හි, බින් ඩර්හැම් හි අල් මන්සුරා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකිකයකු මියගොස් තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ නිශ්ශංක ද සිල්වා නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ පුත්‍රයා විසින් මළ සිරුර හඳුනාගෙන ඇත. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ අබ්දුල් රසාක් ජමීල් නමැති 60 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ද අතුරුදන්ව සිටින බවයි.

ඊයේ (23) කඩා වැටී ඇති ගොඩනැගිල්ල මහල් 04කින් යුක්ත එකකි. මියගිය සහ අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා එම ගොඩනැගිල්ලේ නතර වී රැකියාවක නිරත වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles