spot_img
spot_imgspot_img

ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්

පුවත්

විදෙස්

ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර් මාපකයේ ඒකක 4.7ක්, 4.2ක්, 5.6ක් සහ 4.3ක ප්‍රබලත්වයකින් යුතු බව ද වාර්තා වෙයි.

අද (22) එරට වේලාවෙන් දහවල් 11.46ට පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ ජපානයේ යුදෝමාර් නගරයට කිලෝ මීටර 104ක් දකුණින් පිහිටි මුහුදේ ය. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 35ක් ගැඹුරින් පිහිටා තිබිණි.

දෙවැනි භූමිකම්පාව ඔයෝමා නගරයට දකුණින් කිලෝ මීටර 106ක් ඈත මුහුදේ සිදුව ඇති අතර අපිකේන්ද්‍රය කිලෝ මීටර 342.3ක් ගැඹුරින් පිහිටා තිබිණි. එම භූමිකම්පාව සිදුවූයේ එරට වේලාවෙන් සවස 1.19ට ය.

සවස 5.07ට තුන්වැනි භූමිකම්පාව සිදුව ඇත්තේ මියාටා නගරයට දකුණින් කිලෝ මීටර 118ක් ඈතින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 35.4ක් ගැඹුරින් අපිකේන්ද්‍රය පිහිටා ඇති අයුරිනි.

සිව්වැනි භූමිකම්පාව මෙම පුවත සකසමින් සිටිය දී සිදුවූ අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 4.3කි. එම හතරවැනි භූමිකම්පාව සිදුව ඇත්තේ තුන්වැනි භූමිකම්පාව සිදුවූ ප්‍රදේශය ආසන්නයේ ම ය.

එය ජපානයේ හොන්ෂු වෙරළට ආසන්නයෙන් සිදුව ඇති අතර මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 35.5ක් ගැඹුරින් පිහිටා ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. එම භූමිකම්පාව සිදුවන ‍විට එරට වේලාව රාත්‍රී 6.23 බව ද සඳහන්ව ඇත.

ජපානය පිහිටා ඇත්තේ භූ තැටි මායිම් 04ක් එකිනෙක හමුවන ස්ථානයකය. ජපානය ගොඩබිම මැදින් ද භූ තල මායිම් පිහිටා ඇත. මේ හේතුවෙන් ජපානයේ භූමිකම්පා සිදුවීම සුලබ දෙයක් වී තිබේ. මෙම භූමිකමා තුනෙන් භූතැටි මායිම් දෙකකය.

එවැනි භූමිකම්පාවක් හටගැනීමෙන් භූ තැටි මායිම්වල ඇතිවන කම්පනය නැවත යථාතත්වයට පත්වන තුරු වරින් වර භූමිකම්පා මාලාවක් එක තැටි මායිමේ සහ ඊට යාබද තැටි මායිම්වල ඇතිවන බව භූ විද්‍යාඥයෝ කියති. මේ අනුව ඉදිරි දින කිහිපයේ දී ජපානය සහ ඒ අවට ප්‍රදේශවල භූමිකම්පා රැසක් ඇතිවනු ඇතැයි අනුමාන කළ හැකිය.

ලෝකයේ භූමිපකම්පා සිදුවන රටාව අනුව මද ප්‍රබලතාවකින් යුතු භූමිකම්පා මාලාවක් ආරම්භ වී ක්‍රමයෙන් එහි ප්‍රබලත්වය වැඩි වී ඉන් අනතුරුව ප්‍රබලත්වය අඩු භූමිකම්පා සිදුවූ භූ තැටි යථාතත්වයට පත්වීම සිදුවේ. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ජපානය අවට ප්‍රබල භූමිකම්පා ඇතිවිය හැකිය. අද දිනයේ ඇති වූ භූමිකම්පා තුනක ම අපි කේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට ක‍ිලෝ මීටර 35ක් වැනි අඩු දුරකින් පිහිටා තිබිණි. මුහුදු මට්ටමේ සිට අඩු ගැඹුරකින්, රිච්ටර් මාපක ඒකක 7.0 ඉක්මවූ භූමිකම්පාවක සිරස් අතට සිදුවුවහොත් දරුණු සුනාමි තත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙන බව භූ විද්‍යාඥයන්ගේ විග්‍රහයයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!