spot_img
spot_imgspot_img

මහින්ද අභියෝගයට, සාර්ථක පිළිතුරක් දුන් රිච්මන්ඩ් ඉනිම අවසන් මොහොතේ දෙදරා යයි

පුවත්

විදෙස්

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලයේ නායක ධනුජ ඉඳුවරගේ අනර්ඝ ශතකයත් (101) උපනායක දිනුර කළුපහනගේ අර්ධ ශතකයත් (75) හේතුවෙන් සවිමත් වූ මහින්දීයෝ අද (17) ආරම්භ වූ 118 වැනි ආදරවන්තයන්ගේ සටනේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුළු 08කට ලකුණු 316ක් ලබා සිය ඉනිම අත්හිටවූහ.

ඊට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් සිටි රිච්මන්ඩ් කණ්ඩායම කඩුළු 01ක් දැවී ලකුණු 63ක් රැස්කරගෙන සිටිය ද අවසන් මොහොතේ ලකුණු පුවරුව කඩුළු 63ට කඩුළු 03ක් ලෙස වෙනස්වීමත් සමඟ දිනය අවසන්වනවිට පන්දුවාර 20ක දී කඩුළු 3 කට ලකුණු 74ක් ලබා සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් නායක තරින්ද නිර්මාල් මහින්දයට පන්දුවට පහරදීමට ආරාධනා කළේ ඔවුන් ලකුණු 120කට සීමා කිරීමට අපේක්ෂා කරන බව කියමිනි. නමුත් ‌ෙඉනිම ඇරඹූ ප්‍රමේෂ් මධුභාෂනගේ (38) ඉවසිලිවන්ත ඉනිමත්, උපනායක දිනුර කළුපහනගේ (75) ප්‍රහාරයත් නිසා එක් කඩුල්ලක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව පසුකර යාමට මහින්ද කණ්ඩායම සමත්විය. සීය උපනායකයාගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි නායක ධනුජ ඉඳුවර පළමු පන්දුවෙන් ම දැවැන්ත හයේ පහරකින් ඉනිම ආරම්භ කරමින් පන්දු 129කට මුහුණ දී පිටියෙන් ඉවත්වන විට සිය ලකුණු 101ක් රැස්කරගෙන තිබිණි. දුර්වල පන්දු තෝරාබේරාගනිමින් මනා පාලනයකින් යුතව පිත්ත හැසිරවූ ඔහු දැවී යනවිට මහින්දය ලකුණු 300 අත පොවන මානයේ සිටියේය. ඉන්පසු 08 වැනි කඩුල්ල දැවීයාමත් සමඟ පන්දුවාර 73.3 ක දී ලකුණු 316ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවන ලදී.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භකළ රිච්මන්ඩ් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස බානුක මනෝහර ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ෂෙහාන් හසරංග සමත්විය. නමුත් ඉන්පසු දෙවැනි කඩුල්ල චෙහාන් සුබසිංහ (50) සමඟ චමිඳු ප්‍රගීප්ත අතර ගොඩනැගුණු සබඳතාව හේතුවෙන් ලකුණු 63 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටිය දී විශිෂ්ඨ අර්ධ ශතකය ලබාගත් චෙහාන් කවීන් රුක්ෂාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඒ් සමඟ පිටියට පිවිසි ෂැරොන් අභිෂේක්ට මුහුණ දීමට හැකිවූයේ පන්දු දෙකකට පමණි. කවීන්ගේ පන්දුවකට ධනුජ ඉඳුවර උඩපන්දුවක් රැකගැනීමෙන් ඔහු පිටියෙන් ඉවත්වීමත් සමඟ රිච්මන්ඩ් ලකුණු පුවරුව 63-2ක් ලෙස වෙනස්විය.

අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරඟය නතරකරන විට රිච්මන්ඩ් කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ ලකුණු කඩුළු 3ට ලකුණු 74ක් ලබා සිටියේය.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 73.3ක දී කඩුළු 08ක් දැවී ලකුණ 316

ධනුජ ඉඳුවර 101, දිනුර කළුපහන 75, ප්‍රමේෂ් මධුභාෂණ 38, හිරුණ ගාල්ලගේ 30, චන්දූප ද සිල්වා නොදැවී 20, ශෙහාන් හසරංග 18, රන්මිණ හෙට්ටිආරච්චි 16

පන්දු යැවීම – .තරින්ද නිර්මාල් 78/3, මල්ෂ තරුපති 78/2 ෂැරොන් අභිෂේක් 33/1, යුරි කොත්තිගොඩ 46/1

රිච්මන්ඩ් කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 20ක දී කඩුළු 03ක් දැවී ලකුණු 74

චෙහාන් සුබසිංහ 50, තමිඳු ප්‍රදීප්ත නොදැවී 09, තරින්ද නිර්මාල් නොදැවී 06

පන්දු යැවීම – කවීන් රුක්ෂාන් 10/2, ශෙහාන් හසරංග 18/1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!