කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 15,255 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,249ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,670ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 140
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 198
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) 83
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඊඑම්එල් කන්ස්ට්‍රක්ෂන් සමාගම කොටස් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
- ඇලුමෙක්ස් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන්ස් ලංකා සමාගම 20%
- රේණුක හෝල්ඩින් සමාගම (X) 11%
- එක්ස්ටර්මිනේටර්ස් සමාගම 09%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 2.23ක් රුපියල් 57.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 156,000ක් රුපියල් 145.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 387ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 177ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 210ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 43
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 26
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඊඑම්එල් කන්ස්ට්‍රක්සන්ස් සමාගම රුපියල් මිලියන 12
- පෑන් ඒ්ෂියා බැංකුව රුපියල් මිලියන 0.7
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ