spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 17,374  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 08ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,596ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 124
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 86
  • හේලීස් සමාගම රුපියල් මිලියන 69

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්.එන්.බී.ලීසිං සමාගම (X) කොටස් මිලියන 11
  • ඩයලොග් ආසියාටා කොටස් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඅයිටී සමාගම 24%
  • සීටී ලෑන්ඩ්  සමාගම 09%
  • තලවකැලේ වැවිලි සමාගම 07%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 282
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 89ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 67
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 18

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 79
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles