spot_img
spot_imgspot_img

ජනාධිපති ලේකම්ගේ පුතා යැයි කියමින්, කතා කළ තරුණයකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් පොලිසිය නොමග යැවීමට තැත්කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (15) නියෝග කළේය.

රථවාහන වරදකින් සිය මිත්‍රයකු නිදහස් කරගැනීම සඳහා එම තරුණයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර කියා සිටියේ ඔහු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුත්‍රයා ලෙස පෙනී සිටීමට උත්සාහ ගත් බවයි. සැකකරු අන් අයකු ලෙස පෙනී සිටිමින් වංචා කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 175 සහ 403 වගන්ති අනුව වරදවල් සිදුකර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස දන්වමින් ඇප නියම කළ අතර ලබන 20 වැනි දා තෙක් නඩුව කල් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!