spot_img
spot_imgspot_img

ඡන්ද පත්‍රිකා මුදණය කරන්න මුදල් නෑ

පුවත්

විදෙස්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුදණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මහා භාණ්ඩාගාරයෙන් ඊට අවශ්‍ය මුදල් ‍නොලැබෙන බැවින් මෙම තත්වය උදාවී ඇතැයි ඇය විසින් යොමුකරන ලද ලිපියේ සඳහන් කර ඇත.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් කරන ලද විමසීම්වලට ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඇය පවසයි.

මුදල් ලබාදෙන්නේ නනම් තැපැල් ඡන්ද පත්‍රිකා දින 04ක කාලයක් ඇතුළතත් අනෙක් මුද්‍රණ කටයතු දින 30ක කාලයක දීත් අවසන් කළ හැකි බව ඇය පවසයි. මේ දක්වාම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක මුදලක් පමණක් බව ද ඇය සඳහන් කර තිබිණි.

මුදල් ලැබුණහොත් ඒ විගස මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇතැයි ද මුද්‍රණ කටයුතු ආරම්භ කරන විට ‍අවශ පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලිස් ප්‍රධානීන් එකඟ වී ඇතැයි ද මුද්‍රණාලායාධිපති ගංගානි ලියනගේ කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!