spot_img
spot_imgspot_img

ළමයින්ට වද දුන් පාසලේ විදුහල්පති ඇතුළු පිරිසට ඇප

පුවත්

විදෙස්

නේවාසික සිසු සිසුවියන්ට කෲර වද හිංසා පමුණුවන ලදැයි සැකපිට රිමාන්ඩ් කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා බව කියන පුද්ගලයා ඇතුළු 06 දෙනකුට  ඇප ලබාදීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි ඊයේ (15) නියෝග කළේය.

මහනුවර බොක්කාවල මොරන්කන්දේ පවත්වාගෙන යන Regency Boarding School නමැති මෙම පුද්ගලික ආයතනයේ වදහිංසා ඉවසාගත නොහැකි බව පවසමින් පාසල් සිසුවියන් තිදෙනකු පලායාම ‍හේතුවෙන් කරන ලද විමර්ශනයක දී අදාල විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී.

රිමාන්ඩ් කර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෝසමක් ඉදිරිපත් කරමින් ඊයේ (15) ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලිමක් කර තිබිණි. එම ඉල්ලීම සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් එක් අයකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ලබන 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින්න යැයි ද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!