spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 18,054  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,625 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,587ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 262
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 165
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 92

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 07
  • ඩයලොග් ආසියාටා කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • යුනියන් කෙමිකල්ස් සමාගම 20%
  • පීඑම්එෆ් ෆයිනෑන්ස්  සමාගම  17%
  • පිරමල් ග්ලාස් සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 1.6ක් රුපියල් 135.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 216,000ක් රුපියල් 142.75 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 303ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 72ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 231ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 113
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 103
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 31

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 53
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!