spot_img
spot_imgspot_img

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක්

පුවත්

විදෙස්

අතරමග නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර ඇත.

කො‍ළඹ කොටු සහ මාළඹේ අතර මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ ජපානයේ ආධාර ව්‍යාපෘතියක් යටතේය. කොළඹ නගරය සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස එම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

කිලෝ මීටර 15.3ක් දිගැති මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලය විනාඩි 27ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබූ අතර ප්‍රධාන නැවතුම් ස්ථාන 04ක් සහ අතැමැදි නැවතුම් 12කින් මෙම මාර්ගය සමන්විත විය.  ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7කි.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමිණි.

. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!