කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 17,268 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,459 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,550ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 213
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 106
- හේලීස් සමාගම රුපියල් මිලියන 92
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 5.9
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04
- පිරමල් ග්ලාස් සමාගම කොටස් මිලියන 2.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එක්ස්ටර්මිනේටර්ස් සමාගම 18%
- සිලෝන් බෙවරේජ් සමාගම 16%
- පිරමල් ග්ලාස් සමාගම 12%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම කොටස් 858,000ක් රුපියල් 78.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 290
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 181ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 139ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 47
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 34
- බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 12
- එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ