spot_img
spot_imgspot_img

තායිලන්ත වඳුරන් නිසා, ශ්‍රී ලංකාාවේ පොල් කර්මාන්තයට හොඳ කාලයක් ?

පුවත්

විදෙස්

වඳුරන් යොදාගෙන පොල් කැඩීම හේතුවෙන් තායිලන්තයේ පොල් කිරී ඇතුළු පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම නවත්වන්න යැයි ඇමෙරිකානු සත්ව හිමිකම් සංවිධානයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඉදිියේ දී ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරුවන්ට විදෙස් වෙළෙඳ පොළෙහි ඉහළ අවස්ථාවක් හිමිවීමට ඉඩ ඇත.

එහෙත්, මේ වනවිට ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ බිඳ වැටීම හේතුවෙන් එම අවස්ථාවේ නිසි ප්‍රයෝජන ලබාගත හැකි ද යන්න ගැටලුවකි.

තායිලන්තයේ වඳුරන් පුහුණුකර පොල් ඵලදාව නෙලාගැනීම වසර 400ක පමණ කාලයක සිට සිදුකරන කාර්යයක් වුව ද ශ්‍රී ලංකාවේ වඳුරන්, රිලවුන් සහ දඬුලේනුන් හේතුවෙන් පොල් කර්මාන්තයේ ඵලදාව විශාල වශයෙන් අඩුවී ඇති බව පොල් වගාකරුවෝ කියති.

ජාත්‍යන්තර වෙළඳ දත්ත ඉන්දුනීසියාවට සහ පිලිපීනයට පසුව තායිලන්තය ලොව තුන්වන විශාලතම පොල් අපනයනකරු බවයි. වියළි පොල්, පොල්කිරි, පොල්තෙල්, පොල් වතුර, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු නැවුම් සහ වියළි පොල් නිෂ්පාදන අපනයනය කරන සිව්වන විශාලතම අපනයනකරු ශ්‍රී ලංකාවයි.

ලංකා පොල් සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද අල්විස් පවසන්නේ “ඕනෑම තත්වයක් නිසිලෙස හඳුනාගන්නේ නම් එයින් හොඳ අවස්ථාවක් උදාකරගත හැකි බවයි. තායිලන්තයේන වෙළෙඳ පොළට එන පොල් නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුවන සෘණාත්මක ප්‍රචාරයන් සහ සත්ව හිංසාව නිසා එය වෙළෙඳ පොළ මගින් ප්‍රතික්ෂේප වීම නිවැරදිව කළමනාකරණය කරගෙන ජාත්‍යන්තර වෙළෙඳ පොළේ නිෂ්පාදනවල සදාචාරාත්මක පරිසර හිතකාමී තිරසාර ප්‍රභවයක් ලෙස අපිට අපේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කළ හැකියි.” යනුවෙනි.

ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 වසරේ පොල් නිෂ්පාදන අපනයනයේ වටිනාකම රුපියල් මිලියන 29,012.96 කි. 2022 වසරේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල මුළු අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 817ක් විය.

ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සත්ව හිමිකම් සංවිධානයක් වන පීපල් ෆෝ එතිකල් ට්‍රීට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (PETA) හි අධ්‍යක්ෂ ලෝරා ෂීල්ඩ්ස්, තායිලන්තයේ වඳුරන්ගේ ශ්‍රමය පොල් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බැවින් එය සත්ව හිංසනයක් බවත් පවසමින් තායිලන්තයෙන් පොල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා ඇත. ඒ පසුගිය පසුගිය සතියේ දී ය.

තායිලන්තයේ පොල් කැඩීම සඳහා pigtailed macaque (ඌරු වලිග වඳුරන්) භාවිතා කිරීමේ පුරුද්ද වසර 400 ක් පමණ ඈතට දිවෙන අතර, බොහෝ සත්ව හිමිකම් සංවිධාන වසර ගණනාවක් තිස්සේ එම ක්‍රමය නතර කරන ලෙස දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

ඇමෙරිකාවේ Axios වෙබ් අඩවිය ෂීල්ඩ්ස් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡාවක දී ඇය පවසන්නේ “තායිලන්තය වඳුරන් යොදාගෙන පොල් ඵලදාව ලබාගැනීම නතර කරන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන් බලපෑම් කරනවා ඔවුන්ගෙන් පොල් නිෂ්පාදන මිල දී ගැනීම සම්පූර්ණයෙන් ම නතර කරලා. අපි ඉන්දුනීසියාව, පිලිපීනය, ශ්‍රී ලංකාව,  ඉන්දියාව, ඩොමිනිකන් රාජ්‍ය්‍ය, වියට්නාමය වැනි වඳුරන් හෝ වෙනත් සතුන් යොදා නොගෙන පොල් නිෂ්පාදනය කරන රටවලින් ආනයන කටයුතු කරනවා.” යනුවෙනි.

2019 වර්ෂ‍යේ දී PETA සංවිධානය තායිලන්තයේ පොල් ඵලදාව ලබාගැනීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් පසු එරට රජය පොල් නෙලීම සඳහා වඳුරන් යොදා නෙගන්නා බවට සහතිකයක් ලබා දී තිබිණි.

2019 වර්ෂයේ දී පමණක් ටොන් 500,000කට වඩා පොල් අපනයනය කළ තායිලන්තය තවදුරටත් වඳුරන් යොදාගැනීම සිදුකරන බව PETA චෝදනා කරයි.

PETA සංවිධානය පොල් කැඩීම සඳහා වඳුරන් පුහුණුකරන ආකාරය පවා අධ්‍යයනය කර තිබේ. වඳුරන් වැඩ නොකරන වේලාවට ඔවුන් බොහෝ විට දම්වැලකින් බැඳ තබා ඔවුන්ට හැරීමට හෝ නොහැකි තරම් කුඩා කූඩුවල රැගෙන යන බව ද PETA නිරීක්ෂණය කර තිබේ. මේ වඳුරන් ඉතාමත් කුඩා කාලයේ දී නීති විරෝධී ලෙස වනාන්තරවලින් අල්ලාගෙන පැමිණ හීලෑ කර පුහුණු කරන බව ද PETA චෝදනා කරයි. වඳුරන් පුහුණු කරන පිරිස් ඔවුන්ගේ උල් දත් ඉවත්කර ඇති බව ද ඇති තවත් චෝදනාවකි. එම වඳුරන් දැඩි පීඩාවකට පත්ව සිටින බවත් නිතර නිතර කෑ ගසමින් කාංසාවෙන් පසුවන බවත් අනාවරණය වී ඇත.

වොෂින්ටන්, ඩීසී හි රාජකීය තායි තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ කාර්යාලය විසින් සපයන ලද අපනයන දත්ත වලට අනුව, තායිලන්තය එක්සත් ජනපදයේ පොල් කිරි සඳහා වෙළඳපල කොටසෙන් 80%ක් හිමිකරගෙන තිබේ.  තායිලන්තය 2020 වර්ෂයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයට පොල් නිෂ්පාදන 78,000 කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!