spot_img
spot_imgspot_img

දුම්රියේ දමාගිය දරුවාගෙන්, දේශපාලන වාසි හොයන මඩ බළකායක්

පුවත්

විදෙස්

දුම්රිය වැසිකිළියක දරුවකු දමා ගිය තරුණ යුවළ ‘අරගලයට” සම්බන්ධ වී සිටි අය බවට ගෙන යන ප්‍රචාරයක් අසත්‍යයක් බවත් එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිදුකරන ප්‍රචාරයක් බවත් Fact Crescendo සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

“ආදරයේ අරගලයේ ආදරණීයම තෑග්ග” යනුවෙන් සඳහන් කරමින් නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ නිල් පැහැති ටී ෂර්ටයක් ඇඳගෙන, අරගල අවස්ථාවේ නිදා සිටින තරුණියකගේ ඡායාරූප පළකරමින් සමාජ මාධ්‍ය පෝස්ට් රැසක් මේ වනවිට සංසරණය වෙමින් තිබේ. එම ඡායාරූපය සමඟ දුම්රියේ දමාගොස් සිටි බිළිඳාගේ රූපයක් ද පළකර ඇත.

“අපි හම්බුනේ ගෝල්ෆේස් අරගලයේ වේදිකාව හදනකොට” කොච්චියේ බිළිදා දමාගිය යුවල රටටම පේන්න හඳුනාගනී. යනුවෙන් ද තවත් පෝස්ට් රැසක සඳහන් කර ඇත.

මෙම පොස්ට්වලට හේතුවක් වූයේ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා චිත්‍රපටයක ආකාරයෙන් අදාල තරුණිය පොලිස් අත්අඩංගුවට ගන්නා සිද්ධිය සහ ඇගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍යයට මුදාහැරීම බව පැහැදිළි කරුණකි. එම දර්ශනවල පෙන්වන තරුණිය හා සමාන තරුණියගේ ඡායාරූප මේ ව්‍යාජ ප්‍රචාරයට යොදාගෙන තිබේ.

එබැවින්, සමාජ මාධ්‍යවල සිදුකරන මේ ව්‍යාජ ප්‍රචාරවලට පොලිසිය සෘජුව වගකිව යුතු බව ද සිවිල් ක්‍රියාකාරිකයෝ සඳහන් කරති.

මෙම ව්‍යාජ ප්‍රචාරයට සමාජයේ බොහෝ දෙනකු රැවටී ඇති බව මෙවැනි ප්‍රතිචාරවලින් පෙනී යයි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

දරුවා දුම්රියේ දමා ගොස් ඇති තරුණ යුවළ පසුගිය වසරේ ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයන් යැයි අනාවරණය වී තිබේ ද යන්න සම්න්ධයෙන් කරුණු පරීක්ෂා කළ විට ඔවුන් ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වී නැති බව තහවුරු විය.

දරුවාගේ පියා අත්අඩංගුවට ගත් කොස්ලන්ද පොලිසිය සහ මව අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූ බණ්ඩාරවෙල පොලිසිය ද ඒ බව තහවරු කළේය. එමෙන් ම ඔවුන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතැයි ද පොලිසිය පවසයි.  

අරගලයේ සිටින්නේ ඇත්තටම මේ තරුණ මව ද ?

බිළිඳා  දුම්රියේ දමා ගිය මව යැයි සඳහන් කරමින් අරගලයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වන බැවින් ඒ ඡායාරූපය පිළිබඳ Fact Crescendo සොයා බැලීමක් සිදුකර තිබිණි.

ඒ අනුව තහවුරු වූයේ එම ඡායාරූපයේ සිටින්නේ චතුරාංගනී නමැති තරුණියක බවයි. ඇය මෙම දරුවා සමඟ කිසිදු සම්බන්ධයක් නැති එම දරුවාගේ මව හෝ පියා නොහඳුනන තැනැත්තියකි.

ඇය පසන්නේ තමන්ගේ ඡායාරූපයක් අවභාවිතා කරමින් අසත්‍ය ප්‍රචාරයක් සිදුකරන බවයි. තමන් “ගෝඨා ගෝ ගම” ගාලුමුවදොර පිටියේ අරගල භූමියේ ටී ෂර්ට්, බැනර් මුද්‍රණය කරමින් චිත්‍ර  අදිමින් අරගලයට සක්‍රීය දායකත්වයක් සැයූ බව ද ඇය කියා සිටියාය. පසුගිය වසරෙ මැයි 09 වැනි දා අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ තමන් සිටි කූඩාරම ද විනාශ වූ බවත් වෙනත් අට්ටාලයක නිදා සිටින අයුරු දැක්වෙන ඡායාරූපය ගත්තේ ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න බවත් ඇය කියයි. ඔහුගේ ඇල්බමයක තිබූ ඡායාරූපයකට බිළිඳාගේ රූපය එකතු කරමින් අරගලයට වැරදි අර්ථකථනයක් දීමට යොදාගෙන ඇතැයි චතුරංගනී පවසයි.

එම ඡායාරූප ඇල්බමය මෙතැනින්

ඡායාරූප ශිල්පී රුවන් ගුණසේකරපවසන්නේ තන්ගේ කිසිම අවසරයකින් ත‍ොරව මේ ඡායාරූපය කිසියම් පිරිසක් විසින් වැරදි කාර්යයක් සඳහා යොදාගෙන ඇති බවයි. තම ෆේස්බුක් ගිණුමේ ඡායාරූප එකතුව අතර තිබූ චතුරංගනීගේ ඡායාරූපයක් මෙලෙස යොදාගැනීම නීති විරෝධී කාර්යයක් බව ද හෙතෙම පවසයි.

එම ඇල්බමයෙ ්තවත් ඡායාරූප මෙතැනින්

රුවන් හෙට්ටිආරච්චිගේ දරුවා ඉල්ලුවා ද ?

ප්‍රසිද්ධ කලාකරුවන් යුවළක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ ෂෙරිල් ඩෙකර් මෙම දරුවා හදා ගැනීමට කැමැත්ත පළකරමින් පොලිසියෙන් ඉල්ලීමක් කරඇතැයි යන ප්‍රචාරය අසත්‍යයක් බව රුවන් හෙට්ටිආරච්චි පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ගවේෂණය කළ Factcrescendo සම්පූර්ණ ලිපිය පහළින්

දුම්රියේ වැසිකිළියක අතහැර දමා ගොස් තිබූ බිළිඳා සම්බන්ධ සිදුවීම පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්! – Factcrescendo Sri Lanka | The Leading Fact Checking Website in Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!