spot_img
spot_imgspot_img

තරුණියකට හිංසා කරමින් මාධ්‍ය සංදර්ශන කළ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

පුවත්

විදෙස්

කාන්තාවක් කෲර ලෙස හිංසනයට ලක්වන ආකාරයෙන් ප්‍රශ්න කරමින් එම දර්ශන මාධ්‍යවෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයේන වහාම පරික්ෂණයක් පවත්වා දින තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්න යැයි පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.

මෙම නියෝගය කර ඇත්තේ දුම්රිය වැසිකිළියක දරුවකු දමා ගියේයැයි සැකකරන තරුණියකගෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කරනු ලබන ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙනි. ඊයේ (11) මෙම ප්‍රශ්න කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍යයක මෙන්ම සමාජ මාධ්‍ය අවකාශ රැසක විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ප්‍රචාරය කෙරිණි.

එහි දී බණ්ඩාරවෙළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අදාල සැකකාර තරුණිය තම කාමරයට කැඳවා තවත් පෙපාලිස් කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ ප්‍රශ්න කරනු ලබයි. පිසෙකින් සිටින මාධ්‍යවේදියකු හෝ යම් කිසි පුද්ගලයකු විසින් එම ප්‍රශ්න කිරීම වීඩියෝ කරන අතර “හයියෙන් කියන්න” යැයි පොලිස් කාන්තාවක් අදාල සැකකාර තරුණියට ප්‍රකාශ කරන ආකාරය ද දක්නට ලැබෙයි.

මේ දර්ශන මාධ්‍යයට මුදාහැර තිබිණි. මීට මාස තුනකට පමණ පෙර පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ විමර්ශන සිදුකිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණනායක ගණනාවක් දක්වා තිබිණි.

එම නිර්ණායකවල සඳහන් වන්නේ ළමයින් හා කාන්තාවන් සමබන්ධ විමර්ශන සිදුකිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන් ආරක්ෂා කළයුතු බවයි. ඔවුන්ගේ පුද්ගලිකත්වයට කිසිසේත්ම හානි නොවන ආකාරයෙන්, බලපෑම් සහ තර්ජනය නොකරමින් විමර්ශන කටයුතු කළයුතු යැයි ද එම උපදෙස්වල සඳහන් වේ.

තව ද, ලිංගික සේවා සපයන සහ සම්බාහන ආයතන ලෙස පවත්වාගෙන යන නීති විරෝධී මධ්‍යස්ථාන වැටලීම්වල දී මාධ්‍ය‍වේදීන් ට ඒවා නිරාවරණය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බැවින් මාධකරුවන් යොදා පටිගත කිරීම් හෝ එවැනි දර්ශන මාධවෙත මුදාහැරීම නොකරන ලෙස ද පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන සහ සියලුම උසස් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර තිබිණු බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මානසික්තවය පිළිබඳ සැළකිල්ලක් දකවමින් අනන්‍යතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයා විශේෂ උපදෙස් මාලාවක් නිකුත්කර තිබිණි.

පොලිසියේ උසස් නිලධාරියකු කියා සිටියේ ඊයේ (11) මාධ්‍යයට නිකුත් කර තිබූ අදාල තරුණිය සම්බන්ධ වීඩියෝව මගින් පොලිස්පතිරයාගේ එම සියලු උපදෙස් උල්ලංඝනය කර ඇති බවයි. එමගින් පොලිස් දෙපාර්තමේන්තුව ම දැඩි අපකීර්තියට සහ දෝෂ දර්ශනයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.

කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියේ දරුවකු දමාගොස් ඇතැයි පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිකුරාදා (10) රාත්‍රියේ ම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර එම පරීක්ෂණ සිදුකර තිබුණේ පොලිස් බුද්ධි අංශය මගිනි. පරීක්ෂණ ආරම්භ කර පැය භාගයක් පමණ කාලයක දී අදාල තරුණිය සහ තරුණයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය හැකියාව ලැබී ඇත. ඒ වනවිටත් ඔවුන් කොළඹින් පිටව ගොස් තිබූ බැවින් එම තරුණිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පසු ද සොයා ගැනීමට හැකිවිය.

සැකකාර තරුණිය බණ්ඩාරවෙල පොලිසියට කැඳවීමෙන් අනතුරුව ‍බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වීඩියෝවේ දැක්වෙන ප්‍රශ්න කිරීම් සිදුකරන්නේ මාධ්‍යය වෙත කතාවක් නිර්මාණය කිරිමේ අපේක්ෂාවෙන් යැයි ද පොලිස් දෙපාර්තමේන්තුවේ ම ආරංචිමාර්ග පවසයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරා මෙම තරුණිය සොයාගැනීමේ පරීක්ෂණවලට කිසිසේත්ම අදාල නොවන බව ද පැවසේ.

බණ්ඩාරවෙල පොලිසියේ දී නිර්මාණය කෙරුණු මෙම වීඩියෝව පිළිබඳ දින තුනක් ඇතුළත වාර්තාක් ලබාගැනීමෙන් අනතුරුව එම නිලධාරියා සහ එහි සිටි නිලධාරීන් සම්බන්ධයෙන් ද පටිගතකළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව පොලිස්පති කාර්යාලය පවසයි.

දරුවකු ‍දුම්රියක දමා යාමේ සිද්ධියට අදාල යුවළ කඩිනමින් සොයාගත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ඇගයීමට ද පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!