spot_img
spot_img

ත්‍රී රෝද රථයක් සමඟ පාලමක් කඩා වැටේ

පුවත්

විදෙස්

ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ත්‍රී රෝද රථයක් ගමන් කරමින් තිබිය දී ඊයේ (11) සවස එම පාලම කඩා වැටී තිබේ.

පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ මතින් ගමන්ගත් ත්‍රී රෝද රථයේ කාන්තාවක් සිය දරු දෙදෙනා ද සමඟ ගමන් කරමින් සිට ඇති අතර රියදුරා ඇතුළු ඔවුන් සියලු දෙනා ම සුළු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.  

මෙම පාලම කඩා වැටීම හේතුවෙන් නිවාස 100කට පමණ ප්‍රවේශ වීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ඔවුන්ට වෙනත් විකල්ප මාර්ගයක් නැත.

රජයේ පාලම් ලක්ෂයක වැඩසටහන යටතේ මේ ස්ථානයේ පාලමක් ඉදිකිරීමට 2021 සැප්තැම්බර් 18 වැනි දා ආරම්භ කර උත්සාවාකාරයෙන් පුවරුවක් ද ඉදිකෙරිණි. නමුත් එලෙස පාලමක් තවමත් ඉදිකර නැත. දශක ගණානවක් තිස්සේ ලෑලිවලින් සාදා තිබූ මේ පාලම නැවත පිළිසකර කිරීම අද ගැමියන් විසින් ම  ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!