රස්සා දීමට ඇමතිවරුන්ට තිබූූ අවස්ථාව අහිමිවෙයි

0
172

අමාත්‍යාංශවල කාර්යාල කාර්ය සහායකයන්, රියදුරන් හා පිරිසිදු කිරීමේ සේවකයන් බඳවා ගැනීමේ දී අමාත්‍ය අභිමතය පරිදි සිදුකිරීමට තිබූ අවස්ථාව අහිමිකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මේ සම්න්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ එම තනතුරුවලට පත්කිරීම මුදල් අමාත්‍යාංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකා දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

අභ්‍යන්තරයේ සිදුකරන උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීමට අවස්ථාව දී ඇත්නම් එ් අනුව කටයුතු කරන ලෙසත් අනිකුත් සියලු පුරප්පාඩු පරවීම අදාල දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here