spot_img
spot_imgspot_img

දවුලගල ඇති වූ ගැටුමකින් අයෙක් මරුට

පුවත්

විදෙස්

මහනුවර, දවුලගල හන්දෙස්ස ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයකු මියගොස් දෙදනෙකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙකි. ඔහු හන්දෙස්සේ පදිංචිකරුවෙකි. මියගිය තැනැත්තාගේ සොහොයුරාගේ නිවසේ අය සහ යාබද නිවසක පිරිසක් ඇතර ඇති වූ ගැටුමක දී මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහරක් එල්ල වී ඇත. බරපතල තුවාල සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි පොලිසිය කීවේය.

‍මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!