කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 19,981ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,775ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,606ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 248
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1855
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 97
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 14
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 06
- එක්ස්පැක් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- ටී ස්මෝල් හෝල්ඩර් සමාගම 35%
- ඩර්ඩන්ස් සමාගම ® 17%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 500,000ක් රුපියල් 142.00 බැගින්
- හේලීස් සමාගම කොටස් 300,000 රුපියල් 78.00 බැගින්
- එක්ස්පැක් සමාගම කොටස් 1,500,000ක් රුපියල් 17.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 292
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 213 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 140ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 73ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 98
- ටෝකියෝ සිමෙන්ති (X) සමාගම රුපියල් මිලියන 14
- ෆෝට්රස් හෝටල් සමාගම රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 22
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ