spot_img
spot_imgspot_img

අන්තර්ජාල අවහිරතා පිළිබඳ තොරතුරු දීම TRC ප්‍රතික්ෂේප කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළල අන්තර්ජාල සේවා ලබාදීමේ දී පිවිසිය නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණුවන ලද හෝ අවහි රකරන ලද වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින, ඊමේල් හෝ වෙනත් අයිතම පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි යැයි විදුලි සංදේශ නියාමන කොමිසම දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු අප විසින් අවස්ථා දෙකක දී විදුලි සංදේශ නියාමන කොමිසම වෙතින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලදී.

අන්තර්ජාල සේවා අවහිර කිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම්වල දක්වා ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමිවන බව අපගේ පිළිගැනීම බැවින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අපි එලෙස තොරතුරු ඉල්ලා සිටියෙමු.

2022 නොවැම්බර් මස 25 වැනි දින මේ සම්බන්ධයෙන් පළමු ලිපිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී වෙත යොමු කළ විට අංක TRC/RTI.RI/2022/67 අංක යටතේ නොවැම්බර් 14 වැනි දිනැතිව පිළිතුරු ලිපියක් යොමුකර තිබිණි.

එහි දක්වා ඇත්තේ,

“වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ දර්ශනය වීම අවහිර කිරීම අවශ්‍ය අවස්ථාවන්හි දී ඒ සම්බන්ධව ලැබෙන උසාවි නියෝග, ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් යොමු කරනු ලබන නියෝග හා කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින් කරනු ලබන නියේාග අදාල දුරකථන සේවා සමාගම් වෙත යොමු කිරීම පමණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබන බවයි.”

එම ලිපියට අනුව අපි නැවත තොරතුරු නිලධාරී සුජීවා රොඩ්රිගෝ වෙත නව ඉල්ලුම්පත්‍රයක් 2022-11-25 දිනැතිව යොමු කළෙමු.

එම තොරතුරු ඉල්ලීම මගින් පහත සඳහන් කරුණු අප විසින් ඉල්ලා ඇත.

  1. කිසියම් හෝ අධිකරණයකින්, අධිකරණ නියෝගයකින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි නියෝග කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  2. ඉහත 01 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි අධිකරණ මගින් ඔබ ආයතනය වෙත දැනුම් දුන් ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)
  3. ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි ඉල්ලීම් කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  4. ඉහත 03 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් ඔබ ආයතනය වෙත ඉල්ලීම් කරන ලද හෝ දැනුම් දී ඇති ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)
  5. කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි ඉල්ලීම් කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  6. ඉහත 05 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින් ඔබ ආයතනය වෙත ඉල්ලීම් කරන ලද හෝ දැනුම් දී ඇති ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)

මෙම ඉල්ලීම කරන ලද්දේ ද පෙර සඳහන් ඉල්ලීම කරන ලද තොරතුරු නිලධාරීවරයා අමතන ඊමේල් ලිපිනයක් වෙතය. නමුත්  නිශ්චිත දිනයේ දී තොරුතුර අප වෙත නොලැබුණු බැවින් ඒ පිළිබඳ 2023-01-21 වැනි දින තොරතුරු නිලධාරියා ඇමතූ විට ඇය කියා සිටියේ තමන්ට ඊමේල් මගින් ඉල්ලීමක් ලැබී නැති බවයි.

ඒ අනුව එදිනම නැවත ඊමේල් මගින් අදාල තොරතුරු ඉල්ලීම සිදුකළ අතර ඒ ඉල්ලීම ලැබුණු බව ද තහවරු කර ගත්තෙමි.

මෙම ලිපියට පිළිතුරු වශයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු නිලධාරී සුජීවා රොඩ්රිගෝ විසින් ලබා දී ඇත්තේ අනාගතයේ දිනක් සඳහන් කරන පිළිතුරකි. මෙම ප්‍රවෘත්තිය අප ලියන මොහාත වනවිටත් ඇයගේ පිළිතුරු ලිපිය යොමුකළ දිනය උදා වී නැත.

TRC/RTI/R1/2023/02 ලෙස අපගේ ඉල්ලීම ලියාපදිංචි කළ බව සඳහන් කරමින් ඇය ලිපිය යොමුකර ඇත්තේ 2023 අප්‍රේල් මස 06 දිනැතිවය. එමගින් ඉහත තොරතුරු දීම ප්‍රතික්ෂේප කර ඇත.

වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින, ඊමේල් හෝ වෙනත් අන්තර්ජාල සේවාවන් වෙත පිවිසිය නොහැකි සේ අවහිර කිරීම හෝ බාධා පැමිණවීම යනු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකමක් අහිමිකිරීමක් වන බැවින්, එම තොරතුරු පුරවැසියන්ට අතිශය වැදගත් තොරතුක් වන අතරම අධිකරණය හෝ රජයේ වෙනත් ඕනෑම ආයතනයක් විසින් කරනු ලබන ක්‍රියාවක් හෝ නියෝගයක් රහස්‍ය කටයුත්තක් ද නොවන බැවින් තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කර ඇති කරුණු කිසිසේත්ම පිළිගත නොහැකි බව සඳහන් කරමින් අපි පසුගිය පෙබරවාරි 25 වැනි දින නම්කළ නිලධාරී වෙත අභියාචනයක් යොමු කළෙමු.

ඊට විද්‍යුුත් තැපැල් මගින්

  1. කිසියම් හෝ අධිකරණයකින්, අධිකරණ නියෝගයකින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි නියෝග කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  2. ඉහත 01 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි අධිකරණ මගින් ඔබ ආයතනය වෙත දැනුම් දුන් ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)
  3. ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි ඉල්ලීම් කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  4. ඉහත 03 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් ඔබ ආයතනය වෙත ඉල්ලීම් කරන ලද හෝ දැනුම් දී ඇති ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)
  5. කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින්, පිවිසීමට නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණවන ලද හා/හෝ අවහිර කරන්න යැයි ඉල්ලීම් කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP, ලිපින නාමවලියක් අවශ්‍ය කර තිබේ.
  6. ඉහත 05 ට අදාලව ඒ ඒ වෙබ් අඩවි අවහිර කරන්න යැයි කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින් ඔබ ආයතනය වෙත ඉල්ලීම් කරන ලද හෝ දැනුම් දී ඇති ලිපිවල/නියෝගවල පිටපත් අවශ්‍ය කර තිබේ (විද්‍යුත් පිටපත් ප්‍රමාණවත්ය)

මෙම තොරතුරු මා වෙත වහාම ලබාදෙන ලෙස තොරතුරු නිලධාරීවරයා වෙත උපදෙස් නිකුත් කරන මෙන් ඔබගෙන් ඉතාමත් කාරුණිකව අභියාචනා කර සටිමි.

ඉහත ලිපිනයේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියකු වන මට 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ ලැබී ඇති අයිතිවාසිකම් අනුව මෙම මෙම අභියාචනය ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සබාවේ නම්කළ නිලධාරියා වන්නේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාය. වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආර්.ජී.එච්.කේ.රණතුංග විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අපගේ අභියාචනයට TRC/RTI/APL/2023/01 අංක යටතේ 2023-03-08 දිනැතිව ලිපියක් යොමුකර ඇත.

අපගේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් තොරතුරු ලබානොදීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ මෙලෙසිනි.

“ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි දර්ශනය වීම, අවහිර කිරීම අවශ්‍ය අවස්ථාවන්හි දී ඒ සම්බන්ධව ලැබෙන උසාවි නියෝග, ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් යොමුකරනු ලබන නියෝග හා කාන්තා හා ළමා ආරක්ෂක අධිකාරිය මගින් කරනු ලබන නියෝග අදාල දුරකථන සේවා සමාගම් වෙත යොමුකිරීම පමණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදු කරන අතර අප ආයතනය වෙත ලබා දී ඇති එම නියෝග සම්බන්ධ තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබා දීමේ නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව දන්වා සිටීමට කැමැත්තෙමි” යනුවෙනි.

මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් වූ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ පිළිබඳ අපි 2016 අංක ‍12 දරණ තොරතුරු පනත අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් යොමුකිරීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!