4.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 24,415ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,493ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,703ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 285
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 202
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 140

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 13
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 08
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • ලංකා ටයිල් සමාගම 17%
  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් මිලියන 2.8ක් රුපියල් 78.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 194,000 රුපියල් 200.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 200,000ක්  රුපියල් 135.00 බැගින්
  • මෛල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 1.64ක් රුපියල් 60.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 34.00 බැගින්
  • ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 4.2ක් රුපියල් 8.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 295
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 268 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 247ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 96
  • බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 19
  • හේලීස්  සමාගම රුපියල් මිලියන 17

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 98
  • ඩයලොග් අසියාටා සමාගම රුපියල් මිලියන 40
  • ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img