කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 34,042ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 198ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,642ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 369
- සම්පත් බැංකුව රුපියල් මිලියන 291
- හේමාස් සමාගම රුපියල් මිලියන 237
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
- අමානා බැංකුව කොටස් මිලියන 06
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඩර්ඩ්න්ස් සමාගම (වරණීය) 46%
- නේෂන්ස් ලංකා සමාගම 20%
- ට්‍රාන්ස් ඒෂියා සමාගම 19%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඅයිසී සමාගම (X) කොටස් 450,000ක් රුපියල් 58.00 බැගින්
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 1,689,000ක් රුපියල් 70.50 බැගින්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 2,100,000ක් රුපියල් 67.00 බැගින්
- රිචඩ්පීරිස් සමාගම කොටස් ලක්ෂ 20ක් රුපියල් 23.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 485,000ක් රුපියල් 139.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 292
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 208ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 389ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 181ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 86
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 21
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 202
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 61
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 43
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ