spot_img
spot_imgspot_img

කොළඹ විරෝධතාවයට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක්

පුවත්

විදෙස්

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (26) කොළඹ සංවිධානය කර ඇති විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

නෙළුම් පොකුණ අසළින් ආරම්භ වූ විරෝධතා පාගමන පිටකොටුව දෙසට පැමිණීම වැළැක්වීඹ සදහා පොලිස් බල ඇණි රෝහල් චතුරශ්‍රය, පිත්තල හන්දිය, යුනියන් පෙදෙස, කොල්ලුපිටිය යන මාර්ග වසා දමා විරෝධතා පාගමන විසුරුවාහැරීමට සූදානම්ව සිටිනු දක්නට ලැබිණි.

පාගමන එම ස්ථාවලට ළඟාවන විට පොලිසිය දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින් මේ වනවිට එම ප්‍රදේශ දැඩි කලබලකාරී තත්වයකට පත්ව ඇත. අති විශාල පිරිසක් මෙම පාගමනට එක්ව සිටිති. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නායකයෝ ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!