spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරු රජයේ නිවාසවල අඩු මිලට පදිංචිවෙන හැටි මෙන්න. මාසික කුලිය 1000යි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොළඹින් ලැබෙන නිල නිවාසයක මාසික කුලිය දැන් වසර 20ක පමණ කාලයක සිට රුපියල් 1,000.00ක් පමණි.

මෙම මුදල කාලානුරූපව සංශෝධනය කර නැත. මන්ත්‍රීවරු සඳහා මාදිවෙල පිහිටි නිල නිවාස සංකීර්ණය 1994 වර්ෂයේ ඉදිකර ඇති අතර එකළ මාසික කුලිය රුපියල් 500.00කි. ඉන් වසර 10කට පසු 2004 වර්ෂයේ දී කුලිය රුපියල් 1,000.00ක් ලෙස සංශෝධනය කර ඇත. එතැන් පටන් මේ දක්වා මුදල වැඩිකිරීමට කටයුතු කර නැත.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් ලබාගෙන එය නැවත භාර නොදන මන්ත්‍රීවරයකුගට රජයෙන් නියම කරන දඩය දිනකට රුපියල් 500.00කි. මාසිකව රුපියල් 15,000.00කි. කොළඹ මාදිවෙළ ප්‍රදේශයේ නිවසක වටිනාකම සැලකූ විට මෙය ඉතාමත් අවම අගයක පවතින්නකි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසන්නේ මේ කුලී මුදල සහ දඩ මුදල වැඩි කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාර්ය මන්ඩලයට කිහිප අවස්ථාවක දී ම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. නමුත් ඒ කිසිම යෝජනාවක් මෙතෙක් සම්මත කර නැත.

රුපියල් 1,000.00ක මුදලකට ලබාදෙන මෙම නිවාස මහල් දෙකකින් සමන්විත වන අතර නිදන කාමර තුනක් සහිතය. මාදිවෙල නිවාස සංකීර්ණයේ එවැනි මහල් නිවාස 120ක් පිහිටා ඇති අතර නිවාස 111ක් මන්ත්‍රීවරුන්ට ලබාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!