spot_img
spot_imgspot_img

විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

පුවත්

විදෙස්

විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද (15) හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව විදුලි බිල සංශෝධනය වන්නේ පහත ආකාරයෙනි.

ඒකකදැනට පැවති ගාස්තුවසංශෝධනයෙන් පසු ගාස්තුව
0-308.0030.00
31-6010.0037.00
31-9016.0042.00
91-12050.0050.00
121-18050.0050.00
181 ට වැඩි75.0075.00

ස්ථාවර ගාස්තු වෙනස් වීම

ඒකක ගණනස්ථාවර ගාස්තුව
0-30400.00
31-60550.00
61-90650.00
91-1201500.00
121-1801500.00

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 8.00ක ගාස්තුව රුපියල් 30.00 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15.00ක් ලෙස පැවති ඒකකයක මිල රුපියල් 37.00ක් දක්වාත් වැඩි කර තිබේ. ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32.00ක් වෙනුවට රුපියල් 50.00ක් අය කෙරේ.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 400.00 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120.00ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550.00 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1500.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000.00ක් දක්වාත් වැඩි කිරීමට යෝජිතය.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20.00ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26.00ක් දක්වා පමණකි.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20.00ක්ව පැවති ගාස්තුව රුපියල් 26.00ක් දක්වා ද වැඩි වී තිබේ.

පලමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200.00 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500.00ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600.00 දක්වා පමණි.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25.00ක් පැවති ඒකකයක මිල රුපියල් 40.00ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32.00ක ඒකක ගාස්තුව රුපියල් 47.00ක් දක්වාත් වැඩි කර තිබේ.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000.00 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600.00 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!