spot_img
spot_imgspot_img

ජනපති මැදුරේ තිබූ මුදල් ගෝඨාභය ඉල්ලයි

පුවත්

විදෙස්

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගන්නා ලද රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයන් කරන ලද ඉල්ලීමක් අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මෙම මුදල් සම්බන්ධයෙන් වෙනත් අයකු හිමිකම් නොකීව ද විමර්ශන අවසන් නොමැති බැවින් එම මුදල නිදහස් කිරීමට නොහැකි බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර ඉල්ලා සිටියේ මෙම මුදලට වෙනත් කිසිවකු හිමිකම් නොකියන බැවින් එම මුදල් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත මුදාහරින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!