spot_img
spot_imgspot_img

ප්‍රාදේශීය ලේකම්වරු හෙට ලෙඩ වෙති

පුවත්

විදෙස්

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් හෙට (08) දිනයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන සියලු වෘත්තිකයන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට රජය ක්‍රියාකිරීම හේතුවේන ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දැඩි අපහසුතාවකට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේක්මවරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ තමන්ට ලබා දී ඇති නිල වාහනය, අනුයුක්ත කර ඇති රියදුරුට හා එම වාහනයට ලබාදෙන ඉන්ධන වෙනුවෙන් ද , නිල නිවසට ද, ප්‍රතිපූර්ණය කරන වියදම් වෙනුවෙන් ද බදු අය කිරීමට කටයුතු කර ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඉල්ලා සිටින්නේ බදු අයකිරීමේ දී මූල්‍යමය නොවන පහසුකම් වෙනුවෙන් හා ප්‍රතිපූර්ණය කරන වියදම් වෙනුවෙන් බදු අය නොකළ යුතු බවයි. එමෙන් ම අයකරන බදු සඳහා පපනවා ඇති ආදායම් සීමාව ඉහළ නංවන ලෙස ද බදු ප්‍රතිශතය අඩුකරන ලෙස  එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

සංගමයේ ලේකම් හේමන්ත කුමාර සහ සභාපති ඩී.පී.පී.උදයකුමාර යන අයගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දැරිය හැකි සාධාරණ බදු මුදලක් අයකිරීම සම්බන්ධයෙන් සංගමයේ විරෝධතාවක් නොමැති බවිය. නමුත් මේවනවිට අයකරන බදු දැරිය නොහැකි තත්වයක පවතින බැවින් ඊට විරෝධය දක්වමින් හෙට දිනයේ අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවන බව ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පෙන්වා දී ඇත.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාව පත්වන අසීරුතාව සම්බන්ධයෙන් සංගමයේ කණගාටුව ද ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!