ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි

0
733

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම අම්බලන්ගොඩ තිලකපුර පදිංචිකරුවෝය. ඔවුන් මීට පෙර ආසාදිත යැයි හඳුනාගත් ධීවරයකුගේ සමීප ආශ්‍රිතයන්ය.

අනෙක් ආසාදිතයා වාර්තාවන්නේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වදුරඹ උතුර ග්‍රාම නිලධාරී වසමෙනි. පොලිසියෙන් ඉවත්ව සිටි එම තැනැත්තා තමන්ට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් කරගන්නා ලද පීසීආර් පරීක්ෂණයක් අනුව රෝගී බව තහවුරු වී ඇත.

මෙම පුද්ගලයන් 06 දෙනාම රෝහල් වෙත යැවීමට සෞඛ්‍ය අංශ මේ මොහොතේ කටයුතු කරමින් සිටිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here