මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින්, විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත්කළ යුතු බව කියා සිටියේය.
නමුත් මෙම ප්‍රකාශය මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා තම සීමා ඉක්මවා යාමකි. අමාත්‍යවරුන් පත්කිරීම හෝ අමාත්‍යවරුන්ට විෂයයන් පවරා දීම සම්බන්ධයෙන් නියාමනයක් හෝ මතයක් පළකිරීම මහජන උපයෝගීතා කොමිසම සතු කාර්යයක් නොවේ.
මෙරට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ.මෙහිදී 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් සපයා ඇති ප්‍රතිපාදන අනුව මහජන උපදෙශනය හෝ පාර්ශවකරුවන් සඳහා උපදේශන පවත්වා එම අදහස්ද සලකා බලමින් විදිමත් ක්‍රියාපටිපාටියක් යටතේ තීන්දු තීරන ගනු ලබන ආයතනයකි. 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරනු ලැබීය.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. බලපත්‍රලාභීන්ගේ නිසි කාර්යසාදනයට උරදීම ද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍ය භාවයකින් අවසාන තීරන වලට එලබේ.
පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක ඇමතිවරයා ගැන එලෙස කියා සිටියේය. එමෙන්ම තමාව ධූරයෙන් ඉවත් කිරීමේ එතරම් ලෙහෙසි කාර්යයක් නොවන බව ද ඔහු කියයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනක රත්නායක මෙසේ ද කීවේය.
” විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතු බව. ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නොවේ. වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ. ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්. මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා.”