spot_img
spot_imgspot_img

හිම කුණාටුවෙන් 28ක් මරුට

පුවත්

විදෙස්

ටිබෙටයේ අධිවේගී මාර්ගයක ඇතිවූ හිම කුණාටුවකට හසුවීමෙන්, මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 28ක් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකොනදිග නගරයක් වන Nyingchi හි උමගක පිටවීම් දොරටුව හිම වැටීම නිසා අවහිරවීමෙන් මිනිසුන් විශාල පිරිසක් ඔවුන්ගේ වාහනවල සිරවී සිටියහ. අනතුරින් අතුරුදන් වූ සංඛ්‍යාව නිශ්චිතව ගනනය කර නොමැති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, දිවි ගලවා ගත් 53 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඉන් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පළාත් පාලන නිලධාරියෙකු උපුටා දක්වමින් ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරයි. මුදවාගැනීමේ මෙහෙයුම් මේ වනවිට නතර කර ඇති බව බලධාරීහු පවසති.

හිම කුණාටුව බටහිර චීනයේ ප්‍රධාන වශයෙන් බෞද්ධ කලාපයක් වන ටිබෙටයේ මේන්ලිං ප්‍රාන්තයේ පායි නගරය සහ මෙඩොග් ප්‍රාන්තය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක අඟහරුවාදා(17) සවස ඇතිවිය.

මෙම කන්ද මීටර් 4,500 (අඩි 14,764) ක උන්නතාංශයක් ඇති අතර බෑවුම් සහිත මාර්ගයේ කොටසක් රළු ය.

උෂ්ණත්වය ඉහළ යාම ද ව්‍යසනයට දායක වූ බව ප්‍රාදේශීය හදිසි ගලවා ගැනීමේ මූලස්ථානයේ විශේෂඥයින් Xinhua වෙත පැවසීය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ කඳු නැගීම සඳහා ගිය ගවේෂණයන් පිරිසක් හිම කුණාටුවකට හසුවීමෙන් 26 දෙනෙකු මිය ගියහ.

https://www.bbc.com/news/world-asia-china-64356982

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!