කොරෝනා ගෙදරටම ඇවිත්

0
148

දෙවැනි කොරෝනා රැල්ල නිවෙසටම පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගන්නේ මරණයෙන් පසු සිදුකරන පරීක්ෂණවලින් බව පෙන්වා දෙමිනි.

කොරෝනා දෙවැනි රැල්ලේ පළමු මරණය වාර්තා වූයේ පසුගිය 22 වැනි දාය. එතැන් සිටි මේ දක්වා දෙවැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 16කි.

මේ අතරින් ඇතැම් පුද්ගලයන් මියගොස් තිබුණේ නිවසේ දී වීම ඉතා බරපතල තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

ඔවුන් වැඩි දෙනකු වයස්ගත පුද්ගලයන් ය. එබැවින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන තර්කයක් වන්නේ මේ වයස්ගත පුද්ගයන් සමාජයට නොගිය නමුත් කොරෝනා නිවසටම පැමිණ ඇති බවයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේ පැවසීය.

“ නිවෙස්තුළ සිටින පුද්ගයන් මියගිහින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විට තහවුරු වෙනවා ඔවුන් කොරෝනා ආසාදිතයන් බව. මෙය ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. ශ්‍රී ලංකාවට මේ අවදානමට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. ඒ ගැන අපි දැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ වගේම දැන් මේ වනවිටත් නිවාස ආශ්‍රිතව නිරෝධායනයට ලක්වන පුද්ලයන් ගණන 60,000ක් පමණ වෙනවා. ඔවුන්ගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපයේ දී අවසන් වෙනවා. නමුත් ඒ අයගේ පීසීආර් පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කට්ටල තිබෙනවා ද කියා ගැටලුවක්. මේ අය නැවත පීසීආර් නොකර සමාජයට මුදාහැරිය නොහැකියි. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here