spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට බිත්තර සපයන්න පොරකන ඉන්දීය වෙළෙන්දෝ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සැපයීමට ඉන්දීය සැපයුම්කරුවන් විශාල පිරිසක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය වාණිජවිවිධ නීතිගතසංස්ථාව පවසයි.

බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම ඊයේ (09) අවසන් කෙරිණි. මිල ගණන් ඉදිරිපත් කර ඇති සමාගම් සහ පුද්ගලයන් සංඛ්‍යාව 20ක් වන අතර වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය සැපයුම්කරුවන් විසිනි.

වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත ව ඇත. දැනට ශ්‍රී ලංකාවට අවශ්‍යවන බිත්තර ප්‍රමාණය සහ ගනුදෙනුව සිදුවන්නේ ඉන්දීය රුපයල් හෝ වෙනත් විදේශ විනිමය ඒකකයකින්ද යන්න පිළිබඳ තාක්ෂණික කමිටුව විසින් තීරණය කිරීමට නියමිතය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ආසිරි වලිසුන්දර පවසන්නේ සියලුම ටෙන්ඩර්කරුවන් ජාත්‍යන්තරව පිළිගත් ටෙන්ඩර් සහතිකය ද ඉදිරිපත් කර තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ දෛනික බිත්තර අවශ්‍යතාව මීට පෙර ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදකයන් විසින් ම සපයනු ලැබූ අතර කුකුළු පැටවුන්, කුකුළු කෑම, ප්‍රවාහන වියදම් මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක් රුපියල් 65.00 දක්වා ඉහළ දැමුණු අතර නිෂ්පාදකයන් එම මිල පාලනය කිරීමට එකඟවූයේ නැත. එබැවින් බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!