කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 23,610 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,387ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,380ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 853
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 397
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 127
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 53
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 8.9
- අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 8.6
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ලංකා රියැලිටි සමාගම 20%
- බෝගොල ග්‍රැෆයිට් සමාගම 19%
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 3.9 රුපියල් 16.20 බැගින්
- එච්.සෙනිට් සමාගම කොටස් මිලියන 1.5 රුපියල් 17.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 333
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 41ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 29ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 8.5
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 7.9
- කහවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 7.8
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එච්.සෙනිඩ් සමාගම රුපියල් මිලියන 25
- හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 1.5
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ