spot_img
spot_imgspot_img

බුද්ධි වික්‍රම මරණයට පෙර ලියා තැබූ අවසන් කැමත්තට සියල්ල සිදුවෙයි

පුවත්

විදෙස්

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රමගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව අද (06) සවස සිදුකිරීමට නියමිතය. ඊයේ (05) අභාවප්‍රාප්ත ඔහුගේ දේහය මහරගම රෝහිණී මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා සිනමාවේ සහ නාට්‍යවල චරිත රැසකට දායක වී ඇති බුද්ධි වික්‍රම හෙවත් බුද්ධිසේන දයාරත්න වික්‍රම 1939 ජනවාරි මස 19 වැනි දා ගාල්ලේ හීනටිගල දී උපත ලැබුවේය. මියයන විට 83 වැනි වියේ පසු වූ බුද්ධි හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා මහින්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇත.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ බුද්ධි වික්‍රම ජී.ඩී.එල් ‍පෙරේරා ගේ සාමා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. රෝමියෝ ජුලියට් කතාවක්, වැලි කතර, තරංගා, අන්තිම රැය, චක්‍රායුධ වැනි චිත්‍රපටවල කැපීපෙනෙන චරිත නිරූපණය කළ බුද්ධි ලූෂන් බුලත්සිංහලගේ එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යයෙන් රූපවාහිනී නාට්‍ය කලාවට පිවිසුණේය. කුමාරිහාමි, තාරාදේවී දූ දරුවෝ, අඹ යහළුවෝ, ගම්පෙරළිය, සුසීමා, හිරුට මුවාවෙන් වැනි ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගන දායකත්වය සැපයුවේය.

බුද්ධි වික්‍රමගේ සිය අවසන් කැමති පත්‍රයේ ලියා ඇත්තේ මියගොස් පැය 24ක් ගතවීමට පෙර සිය දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකළ යුතු බවයි. ඒ අනුව කටයුතු කරන බව පවුලේ ඥාතීහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!