spot_img
spot_imgspot_img

දියණියන් දෙදෙනාට වස පොවා වස බිව් මව මරුට. බාලම දියණියත් නොඑන ගමන් යයි

පුවත්

විදෙස්

දරුවන් දෙදෙනා සමඟ වස පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් අඟහරුවාදා (03) සවස මියගිය බව නාල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන පදිංචිව සිටි නිලූකා සංජීවනී නමැති කාන්තාවකි. ඇය තම නිවසේ දී ම 08 හැවිරිදි සහ 05 හැවිරිදි දියණියන් දෙදෙනාට බලහත්කාරයෙන් වස පොවා තමන් ද වස පානය කර ඇතැයි පොලිසිය කියයි.

මෙම කාන්තාව වතුපිටිවල රෝහලටත්, දරුවන් දෙදෙනා රිජ්වේ ආර්යා ළමා ‍රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර කෙරිණි. 05 හැවිරිදි දියණියය ප්‍රතිකාර ලබමින් සිටිය දී මීට පෙර මියගිය අතර මව අඟහරුවාදා වතුපිටිවල රෝහලේ දී මියගියාය.

08 හැවිරිදි දියණිය අසාධ්‍ය තත්වයෙන් තවමත් රිජ්වේ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

මව සිදුකර ඇති ඝාතනය සහ ඇගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවෙයි.

මනෝ වෛද්‍යවරු පවසන්නේ ඇතැම් මව්වරු තමන්ට ඇති මානසික පීඩනය දරාගත නොහැකිව මෙවැනි ක්‍රියාවන්හි නරතවන බවයි. ඇය තම දියණියන් දෙදෙනාට වස පොවා තමන් ද පානය කිරීම සඳහා දින කිහිපයක් හෝ ඊටත් වඩා වැඩ කාලයක් සැළසුම් කරන්නට ඇති බවත් මෙවැනි පුද්ගලයන් සමාජයේ කලින් හඳුනාගැනීමෙන් මේ ආකාරයේ අපරාධ වළක්වාගත හැකි බවත මනෝ වෛද්‍යවරු කියති.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!