කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 25,957 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,819ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,511ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 604
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 459
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 308
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 45
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 28
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අම්බන් කැපිටල් සමාගම 24%
- කැපිටල් අලායන්ස් සමාගම 23%
- ඒසියා සියාකා සමාගම 17%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 212.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 599,00ක් රුපියල් 135.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 356
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 49ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 85ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 36ක මුදලක් කොටස් වෙළෙඳ පෙළෙන් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 7.7
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 3.7
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 1.7
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 51
- ඊස්ටර්න් මර්ජන්ට් සමාගම රුපියල් මිලියන 0.8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ