spot_img
spot_imgspot_img

මන්ත්‍රී ඝාතනයේ සැකකරුවකුට, නීති විභාගයට පෙනී සිටීමේ අවසර ලැබෙයි

පුවත්

විදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවකුට විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධියේ අවසන් වසර විභාගයට පෙනී සිටීමට අධිකරණයෙන් අවසර දී තිබේ.

මෙම විභාගය ජනවාරි 10 සිට 25 දක්වා පැවැත්වෙයි. සැකකාර විභාග අපේකෂකයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආර්කෂාව යටතේ විභාග ශාලාවට රැගෙන යන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඊයේ (02) නියෝග කළේය.

පසුගිය වසරේ මැයි 09 වැනි දා ගෝල්ෆේස් අරගලයට මැර ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව රටපුරා ඇති වූ කැළඹිලි අවස්ථාවේ දී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී අහංගම විතරණලාගේ ජයන්ත ගුණවර්ධන නිට්ටඹුවේ දී ඝාතනයට ලක්විය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 40ක් සැකපිට අත්අඩංගුවට ගැණුනු අතර තවත් දෙදෙනකු සැකකරුවන් ලෙස නම්කරනු ලැබ සිටියි. 40 දෙනා ම රිමාන්ඩ් කළ අතර එක් සැකකරුවකු පසුගිය දා අසනීප තත්වයකින් මියගියේය. සැකකරුවන් 04 දෙනකු ඇප මතා මුදාහැරිණි.

මෙම ඝාතනය සම්බන්ධ නඩුව ඊයේ අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී අප ලබා සිටින සැකකරුවන් අධිකරණයට පැමිණ සිටි අතර රිමාන්ඩ්කර සිටින සැකකරුවන් අධිකරණයට ගෙනවිත් තිබුණේ නැත.

විභාග අපේක්ෂක සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියංකර මාරසිංහ කියා සිටියේ නීති උපාධියේ අවසන් වසර විභාගය නෙී සිටීමට ඔහුට අවස්ථාව ලබා දෙන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසසන් නැති බවිය. සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් දුරකථන 09ක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද ඔහු අධිකරණයට කීවේය.

එම කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරුට බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විභාගයට පෙනී සිටීමට අවසර ලබාදීමට ම‍හේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!