spot_img
spot_imgspot_img

“SOLO නත්තල් පොළ” හෙට ගාල්ල සහ මාතර දී

පුවත්

විදෙස්

(Advertorial) සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් සඳහා ණය ලබාදීමෙන් නොනැවතී ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය උපදෙස්, මඟපෙන්වීම හා පහසුකම් ලබාදීමත් වෙළෙඳ පොළ අවස්ථා සපයා දීමටත් නිරන්තරව කටයුතු කරන හැටන් නැෂනල් බැංකුව විසින් SOLO නත්තල් පොළ හෙට (24) ගාල්ල සහ මාතර නගරවල දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ගාල්ල මහ නගර සභා භූමියේ දී ගාල්ල SOLO නත්තල් පොළ පැවැත්වෙන අතර මාතර SOLO නත්තල් පොළ මාතර බෝධිය ඉදිරිපිට දී පැවැත්වෙයි.
දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි ව්‍යාපාරිකයන් හා සේවා සපයන්නන් විශාල පිරිසක් මේ සඳහා හෙට දිනයේ සහභාගී වීමට නියමිතය. උත්සව සමයේ අවශ්‍ය වඩාත් ගුණාත්මක භාණ්ඩ තරඟකාරී සහ පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමට මෙමගින් පාරිභෝගිකයන්ට අවස්ථාව සැළසෙයි.
හැටන් නැෂනල් බැංකුවේ අළෙවි ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී උපුල් අධිකාරීගේ සහභාගීත්වයෙන් ගාල්ල සහ මාතර SOLO අවුරුදු පොළ ආරම්භ වීමට නියමිතය.
මෙහි විශේෂත්වය වූයේ හැටන් නැෂන්ල් බැංකුවේ “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගනිමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගත් ව්‍යාපාරිකයන් රැසක් ද මේ සඳහා සහභාගී වීමයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් ලංකා QR ගෙවීමේ ක්‍රමය භාවිතා කරමින් හැටන් නැෂනල් බැංකුවේ SOLO App හරහා සියලු ගෙවීම් සිදුකිරීම ප්‍රවර්ධනය කිරීම ද මෙහි දී සිදුකිරීමට නියමිතය. එමගින් මුදල් නෝට්ටු සහ මුදල් පසුම්බිය නොමැතිව ඉතාමත් පහසුවෙන්, මිල දී ගන්නා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් මුදල් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයන්ට ලැබෙයි. ව්‍යාපාර සහ සේවා සපයන්නන්ට ද සාමාන්‍ය බැංකු කාඩ් පත්වලින් ගෙවන ආකාරයට යන්ත්‍ර භාවිතයක් නොකර QR ක්‍රමයට Solo App හරහා මුදල් ලබාගැනීහේ හැකියාව ලැබෙයි.
QR ක්‍රමයෙන් මුදල් ගෙවීම නවීන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සහ පහසු ක්‍රමයක් ලෙස පිළිගැනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!