කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,626ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 835
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 587
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 118
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
- සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 13
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සොෆ්ට්‍ලොජික් කැපිටල් සමාගම 24%
- රේඩියන් ජෙම්ස් සමාගම 20%
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 19%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඅයිසී සමාගම කොටස් මිලියන 1.25ක් රුපියල් 85.00 බැගින්
- ජෝන් කීලීස් සමාගම කොටස් 425,000ක් රුපියල් 140.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 223.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් 2,862,000ක් රුපියල් 210.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 823ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 809ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 692
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 106
- බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 04
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.6
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 1.4
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ