කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 24 වැනි මරණය සම්බන්ධ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (04) රාත්‍රී නිකුත් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. ඇය නිවසේ දී මියගිය බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වීී ඇතැයි සෞඛ්‍ය අංශ පවසා ඇත.