කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 17,003 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,270ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,813ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 728
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 509
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 116
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඔටෝඩ්‍රොම් සමාගම 15%
- සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) 11%
- හේලීස් ලෙෂර් සමාගම 10%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 245.00 බැගින්
- ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 28.50 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගම කොටස් 2,450,000ක් රුපියල් 210.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 210
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 608 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 654ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 560
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 14
- එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ