කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,463 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,348ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 30ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,832ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 188
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 180
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 151
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 18
- අම්බන් කැපිටල් සමාගම කොටස් මිලියන 06
- ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඔටෝඩ්‍රොම් සමාගම 17%
- ඒසියා ඇසස්ට් සමාගම 17%
- ලංකා වෙන්චර්ස් එනර්ජි සමාගම 11 %
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 215
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 22 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 06 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 08
- හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 05
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 04
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1.7
- ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 1.4
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ