කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 21,832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,401ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,891ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 473
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 400
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 243
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 57
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 13
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන් ලංකා සමාගම 25%
- කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 11%
- රිචඩ් පීරිස් සමාගම 10 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සීඩබලිව් මැකී සමාගම කොටස් 250,000ක් රුපියල් 90.00 බැගින්
- සීඅයිසී සමාගම කොටස් 375,000ක් රුපියල් 95.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 636,000ක් රුපියල් 150.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් 145,000ක් රුපියල් 215.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 397
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 218
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 206
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 211 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 130ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 175
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 27
- හේලීස් සමාගම රුපියල් මිලියන 11
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එච්එන්බී බැංකුව රුපියල් මිලියන 42
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 09
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ