යහපාලන රජය කාලයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,000කට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝප් කමිටුවේ දී අනාවරණය කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව රුපියල් කෝටි 100කට වැඩි මුදලක් ස්ථාවර තැන්පතුවලන් මුදා හැර තිබීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේ දී ආරක්ෂක නිලධාරීන් 2,250ක් බඳවාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද කෝප් කමිටුව අවධානය යොමුකර තිබේ. 2018 – 2019 කාලයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම දෙගුණයක් වී ඇතත් එලෙස ලැබුණු ලාභය ආදායම් උත්පාදන ව්‍යාපෘතිවලට යොදවන්නෙන් නැතිව දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් ද එහි දී ප්‍රශ්න කෙරිණි. සේවක වැටුප් වෙනුවෙන් පමණක් මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ආදාහණ පූජෝත්සව 21ක් සහ වෙනත් ව්‍යාපෘති 368ක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් විශාල මුදලක් වැය කර ඇති බව ද කෝප් කමිටුවේ දී වැඩිදුරටත් අනාවරණය විය.